
“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්
“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්රදර්ශනය වෙනුවෙන් රාජකාරීවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්රියාත්මක කොට අති බවයි.
මේ අනුව විශේෂ රාජකාරී යෙදී සිටින සියලුම පොලිස් නිලධාරීන් සඳහා විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ එම නිලධාරීන් සිය සේවා ස්ථානයෙන් බැහැරව දින 10 කට අධික කාලයක් සිදු කරන දිවා සහ රාත්රී රාජකාරි හේතුවෙන් ඔවුන්ට දැරීමට සිදුවන අමතර වියදම් සකලා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.