අමෙරිකාවෙන් යේමනයේ ඉන්ධන වාරයකට මාරාන්තික ප්‍රහාරක් – 58 ක් මියගොස් 126කට තුවාල

අමෙරිකාවෙන් යේමනයේ ඉන්ධන වාරයකට මාරාන්තික ප්‍රහාරක් – 58 ක් මියගොස් 126කට තුවාල

යේමනයේ රාස් ඊසා තෙල් වරායට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 58 දෙනෙකු මියගොස් 126දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි සඳහන් කර තිබුණේ, ගුවන් ප්‍රහාර හරහා සෙසු රටවැසියන් සූරාකෑම සහ ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දෙන හවුතිවරුන්ගේ ආර්ථික බල මූලාශ්‍රය පහත හෙලීම අපේක්ෂා කළ බවයි.

ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හට ගෙන ඇති අතර හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.

එසේම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු මැද පෙරදිග සිදු කළ විශාලතම මිලිටරි මෙහෙයුම මෙය වන අතර රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු ප්‍රහාර දිගටම පවතින බවට ද අනතුරු අඟවා තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බව ද හවුති කැරලිකරුවන් සඳහන් කරයි.

Share This