
කම්කරු නියෝජ්‍ය ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (18) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ තමා සහ සිය දියණිය සම්බන්ධයෙන් සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධවයි.
අදාළ ව්‍යාජ පුවත නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කරමින් කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බවත් කම්කරු අමාත්‍යංශය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වා ඇත්තේ අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස 16 වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූවක් බවයි.
එමෙන්ම සිය දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
වංචාව, දුෂණයට එරෙහි ශ්‍රී ලංකාවේ එකම දේශපාලන ව්‍යාපාරය වන ජාතික ජන බලවේගයේ පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයටද පළ කර ඇති එම ව්‍යාජ පුවත මගින් බරපතළ අපහාසයක් සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ.
ඒ අනුව අදාළ සාවද්‍ය පුවත සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිය පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.
කම්කරු අමාත්‍යංශය නිකුත් කල එම මාධ්‍ය නිවේදනය පහතින්,