පොලිස් ආරක්ෂාව ගත් උපකාරක පන්ති ගුරුවරිය ගැන විමර්ශන (VIDEO)

පොලිස් ආරක්ෂාව ගත් උපකාරක පන්ති ගුරුවරිය ගැන විමර්ශන (VIDEO)

උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථයක් සමග ගමන් කිරීමේ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා

මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර ඇති බවට අනාවරණය වන බවද ඔහු පැවසුවා

කෙසේ වෙතත් කිසිම අවස්ථාවකදී ශ්‍රී ලංකා පොලිසිය සතු සම්පත් යම් පොදු අවස්ථාවක් සඳහා හැර යම් තැනැත්තෙක්ගේ පුද්ගලික අවශ්‍යතාවක් සඳහා කිසිසේත් ලබා නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ

Share This