
සිරි දළදා වන්දනාවට එද්දි විශාල ගමන් මලු රැගෙන නොඑන ලෙස ඉල්ලීමක්
සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණීමේදී විශාල ප්රමාණයේ ගමන් මලු රැගෙන නොඑන ලෙස ශ්රී ලංකා යුද්ධ හමුදාව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා
කෙසේ වෙතත් මීට පෙරද මේ සම්බන්ධයෙන් බැතිමතුන් දැනුවත් කර තිබූ අතර ඒ සඳහා අවධානයක් යොමු කර නොමැති බවයි යුද්ධ හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
එමෙන්ම, දළාදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ ශ්රී දළදා වහන්සේගේ හා දළදා මාලිගාව අවට පරිශ්රයේ ආරක්ෂාව මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරක්ෂක අංශ මගින් ක්රියාත්මක කරනු ලබනවා