මැතිවරණ පැමිණිලි 1870 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 1870 ඉක්මවයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව පැමිණිලි 1874ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ගතවූ පැය 24 තුළ පැමිණිලි 162ක් කොමිෂන් සභාවට ලැබී ඇති අතර නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පැමිණිලි 143ක් ලැබී ඇති බව සඳහන්

පසුගිය මාර්තු 20 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා පැමිණිලි 1607ක් විසදා ඇති බවද සඳහන්

එමෙන්ම පැමිණිලි 267ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

Share This