IMF සිව්වැනි සමාලෝචනයේ සාකච්ඡා හෙට ඇරඹෙයි

IMF සිව්වැනි සමාලෝචනයේ සාකච්ඡා හෙට ඇරඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන විස්තීරණ ණය පහසුකමට අදාළ සිව්වැනි සමාලෝචනයේ සාකච්ඡා හෙට (21) වොෂින්ටන් නුවරදී මෙරට නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව එම සාකච්ඡා ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්

එමෙන්ම ඊට සමගාමීව ට්‍රම්ප් පරිපාලනය විසින් ලංකාවට පැනවීමට තීරණය කර ඇති නව තීරුබදු සම්බන්ධයෙන් ද මෙරට නියෝජිත කණ්ඩායමක් වොෂින්ටන් නුවරදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා

එම සාකච්ඡාව ද ලබන 22 වැනිදා සිදු කරන බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ

එම සාකච්ඡාව සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී විමට නියමිත අතර එම පිරිසද මේ වන විටත් වොෂින්ටන් නුවරට ගොස් ඇති බව සඳහන්

Share This