
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන ජාතිකයින් 54 දෙනෙකු මරුට
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 54 දෙනෙකු මියගොස් තිබෙනවා.
දකුණු ගාසා තීරයේ උතුරු ඛාන් යුනිස් හි අවතැන් වූ පලස්තීන ජාතිකයින් සිටි කඳවුරකට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් සඳහන් කර ඇති අතර ප්‍රහාර හමුවේ තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.