
පාකිස්ථානය දහස් ගණනක් ඇෆ්ගන් ජාතිකයන් පිටුවහල් කරයි
පාකිස්ථානය දස දහස් ගණනක් ඇෆ්ගන් ජාතිකයන් පිටුවහල් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පාකිස්තානය මේ මාසයේ ඇෆ්ගන් ජාතිකයන් 19,500 කට අධික සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති බව සඳහන්
එමෙන්ම මේ වන විට දිනකට පවුල් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් පිටුවහල් කෙරෙන බවයි බීබීසී පුවත් වාර්තාවේ දක්වා ඇත්තේ
පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පසුගියදා කාබුල් වෙත ගොස් පිටුවහල් කිරීම් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඇෆ්ගන් නිලධාරීන් ඒ පිළිබඳව කණගාටුව පළ කර තිබෙනවා
පිටුවහල් කරන ලද බොහෝ ඇෆ්ගනිස්ථානුවන් පාකිස්ථානයේ උපත ලබා ඇති අතර එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුගත කිරීම් පරිදි ඇෆ්ගන් ජාතිකයින් මිලියන 3.5 ක් පාකිස්ථානයේ වාසය කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ