
යුක්තිය ඉටු කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවේනම් ඒවා වෙනස් කරන්න- කාදිනල් හිමි ජනපතිගෙන් ඉල්ලයි
යුක්තිය ඉටු කර රට පිරිසිදු කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවේනම් ඒවා වෙනස් කර හෝ යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත කාදිනල් හිමිපාණන්වහන්සේ අද ඉල්ලීම් 07ක් යොමු කළා.
ඒ පාස්කු ප්‍රහාරය සිදුවී වසර හයක් ගතවීම නිමිත්තෙන් එය සිහි කර කොළඹ කොච්චිකඩේ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ පැවති සැමරුම් අවස්ථාවේදීයි.