
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 32 වැනි ගුණසැමරුම
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 32 වැනි ගුණසැමරුම අදයි.
ප්‍රබල දේශපාලනඥයෙකු මෙන්ම විද්වතෙකුද වූ ලලිත් ඇතුලත්මුදලි මහතා පැවති එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ මෙරට සිටි ප්‍රබල අමාත්‍යවරයෙක්ද වනවා.
ඒ මහතා 1993 අප්‍රේල් මස 23 වැනිදා කිරුළපනදී සාහසිකයෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක් වුණා.
කොළඹ රාජකීය මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී 32 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද පැවත්වුණා.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.