කටුනායකදී වෙඩි වැදුණු පුද්ගලයා ගම්පහ රෝහලේ

කටුනායකදී වෙඩි වැදුණු පුද්ගලයා ගම්පහ රෝහලේ

කටුනායක හීනටියන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

අනතුරුව ඔහු මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Share This