
ඉරානයේ වරායක සිදුවූ පිපිරීමෙන් මියගිය සහ තුවාල ලැබූ ගණන ඉහළට
ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද 750 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රසායනික ද්‍රව්‍ය ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර පිපිරීමත් සමග එහි දැවැන්ත ගින්නක් ද හටගෙන තිබෙනවා.
එය නිවීම සඳහා ගිනි නිවීමේ ඒකක කටයුතු කර ඇති නමුත් ඒ සඳහා පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පිපිරීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.