කැනඩාවෙන් ඇසෙන බිහිසුණු පුවත

කැනඩාවෙන් ඇසෙන බිහිසුණු පුවත

කැනඩාවේ Vancouver හි පැවති වීදි උත්සවයකදී පිරිසක් අතරට රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

අදාළ රථය පැදවූ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This