නව පාප්වහන්සේ තෝරාගැනීමේ සමුළුව මැයි 7 වැනිදා ඇරඹේ

නව පාප්වහන්සේ තෝරාගැනීමේ සමුළුව මැයි 7 වැනිදා ඇරඹේ

නව පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය මැයි මස 07 වනදා ආරම්භ වන බව වතිකානය නිවේදනය කර තිබෙනවා

කාදිනල්වරුන් 135 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රහසිගත සමුළුව සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ

වතිකානු ප්‍රකාශක මැටියෝ බෲනි පැවසුවේ කාර්දිනල්වරුන් ශාන්ත පීතර බැසිලිකාවේ ගෞරවනීය දිව්‍ය පූජාවකට සහභාගී වන බවත්, අනතුරුව ඡන්දය දීමට සුදුසුකම් ඇති අය රහසිගත ඡන්දය සඳහා සිස්ටයින් දේවස්ථානයේ රැස්වන බවයි

කෙසේ වෙතත් සිස්ටයින් දේවස්ථානයට ඇතුළු වූ පසු, නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා තෙක් කාදිනල්වරුන්ට බාහිර ලෝකය සමඟ කිසිදු සන්නිවේදනයක් නොතිබිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This