
ජනතාවාදී පාලනයක් තුළ සමරන කම්කරු දිනය
ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දූෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අප සමත් වී සිටින අතර එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබෙන බවයි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා දූෂිත ප්‍රභූ දේශපාලනය බිද දමමින් මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර ’ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්‘’ නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්වන ලෙසද ජනාධිපතිවරයා ආරාධනා කරනවා.
එමෙන්ම වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරන බවයි ජනාධිපතිවරයා සිය මැයි දින පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම පණිවුඩය පහතින්