විශ්වාසනීය අනාගතයක් වෙනුවෙන් එක්වෙමු (VIDEO)

විශ්වාසනීය අනාගතයක් වෙනුවෙන් එක්වෙමු (VIDEO)

75 වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින්, දූෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන බව ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා

ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික සහ නෛතික රාමුව යළි ප්‍රකෘති මාවතකට ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටින බවයි එම පණිවුඩයේ දැක්වෙන්නේ.

අප පසුකරමින් සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟාකර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයක් බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරිය, දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට අධිෂ්ඨානයෙන් එකාවන්ව එක්වන ලෙසද සිය මැයි දින පණිවුඩය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Share This