
බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු විජේරත්න
ඩීසල් මිල රුපියල් 12කින් අඩු වුවද බස් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා
අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බලනොපාන අතර සෙසු සියලු පිරිවැය ඉහළ ගොස් ඇති බවයි
එමෙන්ම බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බවයි ඔහු එහිදී කියා සිටියේ