
රුමේනියා ජනාධිපතිවරණයේ පෙරමුණට ආ ට්‍රම්ප්ගේ මිතුරා
රුමේනියාවේ ජනාධිපතිවරණයේ පළමු අදියරේ පෙරමුණ ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිකවාදී සගයෙකු වන ජෝර්ජ් සිමියන් සමත් වී තිබෙනවා.
38 හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් සිමියන් සෙසු අපේක්ෂකයින්ට සාපේක්ෂව 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට පෙර එරට පැවති ජනාධිපතිවරණය අවලංගු කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් අනතුරුවයි මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ.