මෙරටට ආ ප්‍රංශ හමුදා නෞකාව

මෙරටට ආ ප්‍රංශ හමුදා නෞකාව

සුහද සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Beautmps Beaupre’ නෞකාව මෙරටට පැමිණ තිබෙනවා.

එම නෞකාව සාම්ප්‍රදායානුකූල නාවික හමුදා ගෞරව සහිතව පිළිගෙන ඇති අතර එය මීටර් 80.65 ක දිගකින් යුක්ත වන බව සඳහන්.

58 දෙනෙකුගෙන් යුක්ත වන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත වූ එම ප්‍රංශ නෞකාව, ජල විද්‍යාත්මක සමීක්ෂණ සහ සාගර විද්‍යාත්මක පර්යේෂණ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

ලබන 13 වනදා මෙම ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Beautmps Beaupre’ නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Share This