
ගාසා හි සිටි අවසන් අමෙරිකානු ප්‍රාණ ඇපකරුටත් නිදහස
ගාසා තීරයේ ජීවත්ව සිටින අවසන් අමෙරිකානු ප්‍රාණ ඇපකරු වන එඩන් ඇලෙක්සැන්ඩර් නිදහස් කිරීමට සූදානම් බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබෙනවා.
2023 ඔක්තෝබර් 7 වන දින ගාසා තීරයේ යුද්ධය ඇවිළවූ හමාස් නායකත්වයෙන් යුත් ඊශ්‍රායල ප්‍රහාරය අතරතුර ඊශ්‍රායල-අමෙරිකානු සොල්දාදුවෙකු වන එඩන් ඇලෙක්සැන්ඩර් ඔහුගේ කඳවුරෙන් පැහැරගෙන තිබුණා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.