මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය 2027 වසරේ ජනතා අයිතියට?

මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානය 2027 වසරේ ජනතා අයිතියට?

මහනුවර නගරයේ දැනට ඉදිවෙමින් පවතින බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2027 වසර වන විට අවසන් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ලෝක බැංකු දිගුකාලීන ණයක් යටතේ ඉදිකරනු ලබන මෙම බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 15ක් පමණ වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන මෙම අතිනවීන ව්‍යාපෘතිය හරහා බස් සහ දුම්රිය සේවා ඒකාබද්ධ කිරීම සිදු කෙරෙන අතර මහනුවර ජාතික රෝහලට සෘජු හා පහසු ප්‍රවේශයක් ද මෙමගින් සැලසෙනවා.

මෙම මධ්‍යස්ථානයට බස් රථ නැවැත්වීමේ පහසුකම්, නවීන සාප්පු සංකීර්ණයක්, සිල්ලර වෙළඳසැල්, අවන්හල්, බැංකු සහ අනෙකුත් පහසුකම් ඇතුළත්.

Share This