
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට තලේබාන් රජය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි තලේබාන් පාලනය උපකල්පනය කිරීම මෙම තීරණයට හේතු වී ඇති බවයි.
ඒ අනුව ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් චෙස් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව එම වාර්තාවල සදහන්.
2021 වසරේ අගෝස්තු මාසයේදී එරට බලය අල්ලා ගැනීමෙන් පසු, තලේබාන් පාලකයින් ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ දැඩි දැක්ම පිළිබිඹු කරන නීති සහ රෙගුලාසි නිරන්තරයෙන් පනවනු ලැබුවා.
එරට කාන්තාවන්ට ක්‍රීඩාවකට සහභාගී වීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබුවේද ඒ අනුවයි.
තලේබාන් රජයේ ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් යන්න අර්ථ දක්වා ඇත්තේ ”සූදුව සඳහා මාධ්‍යයක් ලෙස සලකනු ලැබේ” යනුවෙන් බවයි.
මෙම සලකා බැලීම් විසඳන තුරු, ඇෆ්ගනිස්ථානයේ චෙස් ක්‍රීඩාව අත්හිටුවනු බවද ඔහු වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.