ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න පොලීසියෙන් පංච පුද්ගල කමිටුවක්

ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න පොලීසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ, ගැරඬිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර තිබෙනවා.

එම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු වන, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ.කේ.කාහිංගල යන මහත්වරුන් ඇතුළත් බව පොලීසිය පවසයි.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කර, නිරීක්ෂණ හා නිදේශ සහිත වාර්තාවක් ලබන 30 වැනිදට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා එම කමිටුව වෙත දැනුම්දී තිබෙනවා.

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පෙරේදා සිදුවු බස් රථ අනතුරින් පුද්ගලයින් 22කුගේ ජීවිත අහිමි වී තවත් 54 දෙනෙකු තුවාල ලැබුවා.

Share This