ගැරඬිඇල්ලේ අනතුර ගැන පොලිස් කමිටුව ස්ථානීය පරීක්ෂණයක

ගැරඬිඇල්ලේ අනතුර ගැන පොලිස් කමිටුව ස්ථානීය පරීක්ෂණයක

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පොලිස් කමිටුව අනතුර සිදුවූ ස්ථානය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී අනතුරට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, අනෙකුත් විද්‍යාත්මක සාක්ෂි සහ මෝටර් රථ පරීක්ෂක ඇතුළු විශේෂඥ මත සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අනතුර සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

Share This