දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් කීපයකට විසදුම් ඉල්ලා දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කරයි.

මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (16) පස්වරු 6.30 ට ගමන් ආරම්භ කල අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වී යලි හාලිඇල සිට බදුල්ල බලා ධාවනය කර තිබෙනවා.

එමෙන්ම කොළඹ කොටුව සිට බදුල්ල බලා කොළඹ කොටුවෙන් රාත්‍රි 8.30ට ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය ද අවලංගු කල බව දුම්රිය බලධාරින් සදහන් කළා.

Share This