
වසර ආරම්භයේ ඇඟලුම් අපනයනය ඉහළට
මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජනවාරි-පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකාවෙන් ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 827.2 ක් වූ අතර එය 2024 අනුරූප මාසවලදී අපනයනය කළ ඩොලර් මිලියන 738.4 ට සාපේක්ෂව සියයට 12.0 ක වැඩිවීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
2024 වසරේදී දිවයිනේ ඇඟලුම් අපනයනය ඩොලර් මිලියන 4,660.1 ක් වූ අතර එය සියයට 4.9 ක වැඩිවීමක්.
ශ්‍රී ලංකාව මෙම වසර තුළ ඩොලර් මිලියන 294.5 ක් වටිනා රෙදිපිළි සහ ඩොලර් මිලියන 106.4 ක් වටිනා අනෙකුත් නිෂ්පාදිත රෙදිපිළි භාණ්ඩ අපනයනය කර තිබෙනවා.