
කඩුවෙල මහෙස්ත්රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තියයි
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කටයුතු කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ එළැඹෙන සඳුදා (19) හිටපු මහෙස්ත්‍රාත්වරියට අධිකරණය වෙත පැමිණ, ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදුකරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.