
පාලමක ගැටුණු මෙක්සිකානු නාවික හමුදා නෞකාව
මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝර්ක් හි බෘක්ලින් පාලමේ ගැටීම හේතුවෙන් පුද්ගලයින් 22කු තුවාල ලබා තිබෙනවා.
ඉන් තිදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම නෞකාවේ කුඹ ගහ මෙලෙස පාලමේ ගැටී ඇති අතර නෞකාවට හානි සිදුව ඇති නමුත් පාලමට එමඟින් හානි සිදුව නොමැති බව සඳහන්.
මෙක්සිකානු නාවික හමුදාවට අයත් අනතුරට ලක්වූ එම නෞකාව අඩි 297 ක් දිගකින් සහ අඩි 40 ක් පළලකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.