විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

නව යෝජිත සංශෝධනයට අනුව විදුලි ගාස්තුව වැඩි වන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු වනු ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ 2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවයි.

2014 වසරේ සිට 2022 දක්වා කාලයේදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා පිරිවැය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය ද විදුලි ගාස්තුවල වෙනසක් සිදු නොකළ අතර එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් නිරන්තරයෙන් ඉහළ ගිය බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින්…

Share This