
ලියාපදිංචි විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ලක්ෂය ඉක්මවයි
විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ ප්‍රමාණය අද වනවිට ලක්ෂය ඉක්මවා ගිය බව කාර්යාංශය පවසනවා
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇති බව සඳහන්
එමෙන්ම ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 ක්
මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වනවා
වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 ක්
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 පිටත්ව ගොස් තිබෙනවා
ජපාන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායල් සඳහා 3395 ද දකුණු කොරියාව 2036 ද ලියාපදිංචි වී පිටත්ව ගොස් ඇති අතර සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී තිබෙනවා
මේ වසරේ දී 340 000 ක ප්‍රමාණයක් විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශ පැවසුවේ