
ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි (VIDEO)
ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා
ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත්කර අදට වසර 53ක් සපිරෙනවා
බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය වශයෙන් හැඳින්වෙනවා.
බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව (1944) වෙනුවට 1972 මැයි මස 22වන දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙසත් එහි බුදුදහමට ප්‍රමුඛස්ථානයත් , පැහැදිලිවම පිළිගත් ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දිනයද වන්නේ මෙයයි