
ගංවතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දෙදෙනෙකු මරුට
ගංවතුර හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
නිව් සවුත් වේල්ස් (NSW) හි ඇති වූ දරුණු ගංවතුරෙන් පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්
එමෙන්ම ගංවතුර හේතුවෙන් පාසල් 100කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ
මීට අමතරව නිවාස සහ ව්‍යාපාර දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්