
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියට අලුත් තනතුරක්
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් කර තිබෙනවා.
එම කාරක සභාවේ මංගල රැස්වීම අද (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරිය ලෙස ඇය පත් කිරීම සිදුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඇයගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් යොජනා කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිර කර තිබෙනවා.