මෙරට විදුලි සංශෝධන ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක් (VIDEO)

මෙරට විදුලි සංශෝධන ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක් (VIDEO)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයට විධායක මණ්ඩලය කඩිනමින් රැස් වී අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසෑක් මේ බව කියා සිටියේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි

එමෙන්ම අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් පිළිබඳව ද ඇය එහිදී සඳහන් කළා

ඒ අනුව පිරිවැය ආවරණයවන විදුලි මිල ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි එහිදී වැඩිදුරටත් කියා සිටියේ

Share This