
ලබන 28 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 28 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව එහිදී රුපියල් මිලියන 162,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 87,500ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.