
නයිජීරියාවේදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මරුට
නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ කැළෑබඳ ප්‍රදේශයක සිදුකළ මෙහෙයුමක් අතරතුරදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.
මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් තුවාල ලබා පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ මෙහෙයුම අතරතුරදී ආරක්ෂක අංශ යතුරුපැදි 40 ක් සහ සැලකිය යුතු පතොරම් ප්‍රමාණයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පැහැරගැනීම් සඳහා මරණ දඬුවම නියම කර තිබියදීත්, නයිජීරියාවේ කප්පම් පැහැරගැනීමේ සිදුවීම් බහුලව දක්නට ලැබෙන අතර සන්නද්ධ කණ්ඩායම් බොහෝ විට කප්පම් ඉල්ලා උතුරේ ග්‍රාමීය ගම්මාන, පාසල් සහ සංචාරකයින් ඉලක්ක කරගනු ලබනවා.