ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට තායි ගුවන් සමාගමෙන් සහතිකයක්

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට තායි ගුවන් සමාගමෙන් සහතිකයක්

ශ්‍රීලංකන් ගුවන් සේවයහි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය (SriLankan Engineering) තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් (Approved Maintenance Organization) ලෙස සහතික කර තිබෙනවා.

මෙම සුවිශේෂී සහතිකය සමඟින් තායිලන්තයේ ලියාපදිංචි ගුවන් යානා ක්‍රියාකරුවන්ට සහ ගෝලීය ගුවන් යානා බදු දෙන්නන්ට අවම පිරිවැයකින් ගුණාත්මක නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය වෙතින් සෘජුවම ලබා ගැනීමට හැකියාව හිමිවෙනවා.

මෙම අනුමැතිය යටතේ ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට එයාර්බස් (Airbus) A320 මාදිලියේ ගුවන් යානා සඳහා මූලික නඩත්තු සහ (base maintenance and heavy checks) මෙන්ම එයාර්බස් (Airbus) A320 එයාර්බස් (Airbus) A350 , බෝයිං (Boeing) 777 සහ 787 මාදිලියේ ගුවන් යානා සඳහා රේඛීය නඩත්තු (line maintenance), අලුත්වැඩියා සහ පරිපූර්ණ කිරීම් (component repair and overhaul) මෙන්ම හානිදායක නොවන පරීක්ෂණ (non-destructive testing) ඇතුළු පුළුල් නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (MRO) සේවා සැපයීමට අවසර හිමිවෙනවා.

තායිලන්ත ගුවන් සේවා අධිකාරිය (Civil Aviation Authority of Thailand) ලබාදුන් මෙම සහතිකය සමඟින් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට ඉහළ පිළිගැනීමක් ජාත්‍යන්තරය තුල හිමි වෙනවා.

තායි ගුවන් සමාගම් මෙන්ම ගුවන් යානා බදු දෙන්නන් සමඟ සහයෝගිතාවයෙන් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම, ගුවන් යානා රඳවා ගැනීමේ (Aircraft On Ground) කාලය අවම කිරීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුලින් නඩත්තු මෙන්ම අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීමටත් මෙමගින් අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම සහතිකයත් සමගින් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ හැකියාවන් සහ පාරිභෝගික සේවා ප්‍රවේශයන් ජාත්‍යන්තරය තුල තවත් ඉහල පිලිගැනීමකට හා ඇගයීමකට ලක්වෙනවා.

Share This