
ලොවක් වසඟ කළ, රටක් ආදරය කළ අනුදි දිවයිනට (VIDEO)
ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය රටක් ආදරය කළ ලොවක් වසඟ කළ අනුදි ගුණසේකර අද (02) දිවයිනට පැමිණියා.
72 වැනි ලෝක රූ රැජින තරගය ඉන්දියාවේ පැවති අතර එහි අවසන් මහා තරගය පසුගියදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණා.
ලොවක් වසඟ කරමින් දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහාද ඇය සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට ඉහළ ගෞරවයක් අත්කරදෙමින්.
මෙවර තරඟාවලියට ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීවුණා.
අනුදි ගුණසේකර ඉතිහාසයට එක්වන්නේ , ලෝක රූ රැජින තරගයක ඉතිහාසයේ පළමුවරට මෙතරම් දුරක් පැමිණි යුවතිය ලෙසයි.