ඊජිප්තු ජාතික පුද්ගලයෙකුගෙන් අමෙරිකාවේදී ප්‍රහාරයක්

ඊජිප්තු ජාතික පුද්ගලයෙකුගෙන් අමෙරිකාවේදී ප්‍රහාරයක්

අමෙරිකාවේ කොලරාඩෝහි, බෝල්ඩර්ස් පර්ල් වීදියේ එළිමහන් සාප්පු සංකීර්ණයකට කඩා වැදුණු ඊජිප්තු ජාතික පුද්ගලයෙකු එහි රැදී සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් අට දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට සහය දැක්වීමේ සාමකාමී පාගමනක් ද පවත්වා තිබෙනවා.

මෙම ප්‍රහාරය යම් ඉලක්කයක් වෙනුවෙන් සැළසුම් සහගතව සිදුකල ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි බොහෝ පාර්ශ්ව චෝදනා කරන්නේ.

Share This