
පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරු දිවුරුම් දෙයි
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ මෙවර ‘පුටුව’ ලකුණ යටතේ තරඟකලා.
එහිදී මෙවර ජයග්‍රහනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් අටක නියෝජිඔතයින් අද (03) නාගරික මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දුන්නා.
මෙම දිව්රුම්දීම සිදුවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ පිහිටි ප්‍රධාන කාර්‍යාලයේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ‘පොදුජන එක්සත් පෙරමුනේ’ මහ ලේකම් හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න, නව සන්ධානයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පියල් නිශාන්ත ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් රැසක් මේ අවස්තාවට එක්ව සිටියා.