
හමාස් සංවිධානයේ උමං මාර්ග ජාලයක් ගාසා තීරයෙන් හමුවෙයි
ගාසා තීරයේ ඛාන් යුනිස් හි ප්‍රධාන රෝහලක් පහළ තිබී හමාස් සංවිධානයට අයත් උමං මාර්ග ජාලයක් සොයාගෙන තිබෙනවා.
මේ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිල වශයෙන් තහවුරු කරනවා.
එම උමග, ජ්‍යෙෂ්ඨ හමාස් ක්‍රියාකාරීන්ට අණ දීම සහ ඊශ්‍රායල හමුදාවන්ට එල්ල වන ප්‍රහාර සම්බන්ධීකරණය කිරීම සිදුකල ස්ථානයක් බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ඊයේ සමාජ මාධ්‍ය වෙත එහි දර්ශන මුදා හැර තිබුණා .