ගම්මන්පිල සී.අයි.ඩි. යට යයි!
ගම්මන්පිල සී.අයි.ඩි. යට යයි! සී.අයි.ඩී. ගිය ගම්මන්පිල

ගම්මන්පිල සී.අයි.ඩි. යට යයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

රේගු භාරයෙන් ප්‍රශ්නගත බහාළුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාලව ප්‍රකාශක් ලබාදීම සදහා සදහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

මාධ්‍ය හමුවේ මීට පෙර ප්‍රකාශක් කළ ගම්මන්පිල මහතා පැවසුවේ ප්‍රශ්නගත බහාළුම් 323 ට අදාලව ඒවායෙහි අජංගු ලයිස්තුව ප්‍රකාශය පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම සිද්ධියට අදාලව නීතිඥයින් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා පැවසුවා.

තමා කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බව ද ඒ මහතා සදහන් කළා.

 

Share This