
ස්වර්ණ වර්ණ පොසොන් මංගල්‍ය කිරිවෙහෙර පුද බිමේදී
අමාමෑණි බුදුපියණන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අනුබුදු මිහිදු මහා නාහිමියන් විසින් මෙරටට දායාද කළ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කරන ස්වර්ණවර්ණ පොසොන් වැඩසටහන අද දිනය පුරා කතරගම කිරිවෙහෙර පුදබිම ආශ්‍රිතව සිදු කෙරෙනවා.
සම්මා සම්බුදුපියාණන් වහන්සේ ලෝ වැසියන්ගේ හිතසුව පිණිස දේශනාකළ වදාල ශ්‍රී සද්ධර්මය මෙරටට දායාද වුණේ අදවන් පොසොන් පුන් පසලොස්වක පොහෝ දිනකදීයි
ඒ තුන්වන ධර්ම සංඝායනාවෙන් පසු අශෝක අධිරාජ්‍යයා ලෝ පුරා ධර්මය ප්‍රචාරය කිරීමට ගත් තීරණය අනුවයි.
ඒ අනුව අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ප්රමුඛ ඉත්ථිය, උත්ථිය, සම්බල, භද්ධසාල යන මහරහතුන් වහන්සේ සහ සුමන සාමනේරයන් වහන්සේත් භණ්ඩුක උපාසක ඇතුළු දූත පිරිස මෙරට මිස්සක පවුවට වැඩම කළා.
එහිදී මෙරට පාලකයා වූ දේවානන්පියතිස්ස රජතුමන් ප්රමුඛ පිරිසට චුල්ලහත්ථිපදෝපම සුත්‍රය දේශනා කර ඔවුන් බෞද්ධයන් බවට පත් කිරීමත් ඒ අනුව මෙරටට ථේරවාදී බුදුදහම දායාද කිරීමත් සිදු කෙරුණා.
ඒ අනුව මෙරට බෞද්ධ සැදැහැවතුන් ථේරවාදී බුදු දහම මෙරටට දායාද වූ අද දිනය සිහිපත් කරමින් දිවයින පුරා ධාන ශීල භාවනා ආදී පුණ්යකර්මවල නිරත වනවා.
පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මෙවර ස්වර්ණ වර්ණ පොසොන් මංගල්‍ය අද දවස පුරා කතරගම කිරිවෙහෙර පුදබිම ආශ්‍රිතව සිදුකෙරනවා.
ස්වර්ණ වර්ණ පොසොන් මංගල්‍ය ආරම්භ වුයේ අද අලුයම 5.30ට කිරිවෙහෙර පුද බිමේදී සැදැහැවතුන් පෙහෙවත් සමාදන් කිරීමෙන්.