
ඇතැම් පිරිස් චෝදනා කළත් සනාථ වන තොරතුරු නැහැ
වරායෙන් මුදාහළ බහාළුම්වල අහිතකර ද්‍රව්‍ය තිබූ බවට තොරතුරු නැහැ – ලංකා වාප්පු සේවා සංගමය
ප්‍රශ්නගත ආනයනික බහලුම් මුදාහැරීමේ සිද්ධියේදී අදාළ කන්ටේනර් තුළ අහිතකර ද්‍රව්‍ය තිබූ බවට සනාථ වන තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බව ලංකා වාප්පු සේවා සංගමය පවසනවා.
පසුගිය ජනවාරි මස 17 සහ 18 යන දෙදින තුළ ආනයනික බහලුම් 323ක් රේගු නිෂ්කාශනයට ලක් නොකර මුදාහැරීමත් සමඟ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.
කෙසේ වෙතත් මෙම ආනයනික බහලුම් මුදාහැරීමේ සිද්ධියේදී ඇතැම් පිරිස් චෝදනා කරන පරිදි අදාළ කන්ටේනර් තුළ රටට අහිතකර ද්‍රව්‍ය තිබූ බවට සනාථ වන තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බව ලංකා වාප්පු සේවා සංගමය පවසනවා.