එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ බියක්
ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වලා

එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ බියක්

ෆුකෙට් සිට නවදිල්ලිය දක්වා තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් පිළිබඳ වාර්තා වීමෙන් පසු තායිලන්තයට ආපසු හරවා යැවීමට සිදු වී තිබෙනවා.

තායිලන්තයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ දැක්වුණේ එයාර්බස් ඒ 320 ගුවන් නියමුවා බෝම්බ තර්ජනාත්මක පණිවිඩයක් පිළිබඳව ගුවන් ගමන් පාලකයන්ට දැනුම් දුන් බවයි.

“ගුවන් යානයේ වැසිකිලියක් තුළ බෝම්බ තර්ජනයක් ලියා ඇති බවට වාර්තා වී තිබුණා. නියමුවා පාලක කුළුණට දැනුම් දී පසුව ගුවන් යානය ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරවා යැවීමට තීරණය කර තිබුණා.

පසුව සිදු කළ පරීක්ෂා කිරීමේ දී බෝම්බයක් නොතිබූ අතර පණිවුඩය ලිව්වේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට බලධාරීන්ට තවමත් හැකිව නැහැ.
යානය පසුව ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

Share This