
බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන
පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා
පහසුකම් සැලසීමේ අරමුණින් 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා
සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබාදෙන ලෙස
මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මහබැංකුව නිවේදනය කරන්නේ මෙම සහන බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්යවසයකත්වයන් සඳහා සහන සැලසීමට නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන
චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකූල බවයි.
ඒ අනුව බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට පොලී සහන සහ නව ණය ලබාදීම ඇතුළු තවදුරටත්
සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට මහබැංකුව උපදෙස් දී තිබෙනවා.
ඒ, අතර 2024 අංක 04 දරන චක්‍රලේඛය ප්‍රකාරව බලපත්‍රලාභී බැංකුවලට සුදුසුකම් ලත් කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්ට ණය
ප්රතිලේඛනගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සඳහා ලබා දී ඇති කාලසීමාවද 2025.06.15 සිට 2025.06.30
දක්වා දීර්ඝ කර තිබෙනවා.
ව්‍යාපාර යලි පණ ගැන්වීම පිළිබඳ සාකච්ඡා සඳහා බලපත්‍රලාභී බැංකු සමඟ සම්බන්ධ වූ ණය ගනුලදණුකරුවන්වහට මෙම සහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අදාළ
බලපත්‍රලාභී බැංකු වෙතින් ලබා ගත හැකි බව ද මහබැංකුව නිවේදනය කරනවා.