
උප තැපැල් කර්යාලයක් දාගන්න දීර්ඝ කාලයක් රජයෙන් කුලිය දීල තියෙන්නෙ රු.1500 යි
උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ල උප තැපැල් ස්ථානාධිපතිවරුන් සොයාගත යුතු අතර, ඒ සඳහා දීර්ඝ කාලයක් රජයෙන් ගෙවනු ලැබුයේ රුපියල් 1500 ක සුළු දීමනාවක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු පෙන්වා දුන්නේ එම දීමනාව ඔවුන් උපයන ආදායම ද පදනම් කර ගනිමින් රු.7500 දක්වා නව රජය වැඩිකිරීමට කටයුතු කළ බවයි.
උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම් පටිපාටියෙහි බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටළු පැවති බවත්ද එම ගැටළු සහිත කරුණු සංශෝධනය කර යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයකින් බඳවා ගැනීමට අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගැනීමෙන් අනතුරුව එම පත්වීම් ලබාදීමට කටයුතු කර තිබුණා.
මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රමය අනුමත වීමට පෙර වැඩ බැලීමට යොදවනු ලැබු 196 දෙනාට ද ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්,ඒ සඳහා ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබාදීම නුදුරු කාලයේ දී සිදු කිරීමට අදහස් කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.
මෙරට පවතින උප තැපැල් කාර්යාල ගණන 3410 ක්.