
ජුලි මස පළමුවැනිදා සිට වාහනවල වැඩි කැලි ගලවන්න පොලීසිය සූදානම් වේ
කුමන බාධ පැමිණියද එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට වාහනවල සවි කර ඇති අත්‍යාවශ්‍ය නොවන බාහිර උපකරණ ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
මෙරට රථ වාහන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් වූ වැඩසටහනකට කොළඹදී එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙම අදහස් පළ කළා.
ඔහු පැවසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට සිදුවන රිය අනතුරු සහ ඉන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.