
ඇසල පෙරහැරේ කප් සිටුවීම ජූලි 25 දා
මෙවර පැවැත්වෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන්ගේ අඩුව බාධාවක් වී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ ජුලි මස 25 වැනිදා සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් මෙවර ඇසළ පෙරහර මහා මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි.
බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්රයන්ගෙන් සුපෝෂිත මෙවර ඇසළ පෙරහර මංගල්‍ය වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ කටයුතු සංවිධාන කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් ඊයේ ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත් වුණා.